පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට මාසයක් හෝ දෙකක් ඇතුළත යුක්තිය ඉටු කිරීමට නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවතිඅයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි .
‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට මාසයක් හෝ දෙකක් ඇතුළත යුක්තිය ඉටු කිරීමට නොහැකියි. අපි මේ කාරණය තේරුම් ගත්තේ අපි රජය භාරගත් පසුවයි. කෙසේ වෙතත් අපි මේ මාසයේ යමක් කිරීමට අපේ උපරිමය කරනවා’
යුක්තිය ඉල්ලා පෙළපාලි යා යුතු බවත් පසුගිය වසර වලදී මෙන් මේ වසරේදී තමාද එම පෙළපාලි වලට එකතුවන බවද අමාත්‍යවරයා කියා සිටියා.