Home අද රඳවා ගැනීමේ බද්දට එරෙහිව : ශ්‍රීලංකා ක්‍රිකට් ටෙස්ට් සහ එක්දින නායකයන් අභියාචනාධිකරණයට...

රඳවා ගැනීමේ බද්දට එරෙහිව : ශ්‍රීලංකා ක්‍රිකට් ටෙස්ට් සහ එක්දින නායකයන් අභියාචනාධිකරණයට !

22
0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බද්දක් (withholding tax) අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සමෙන් ඔවුන් දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ක්‍රීඩකයන් වෙතින් රඳවාගැනීමේ බද්දක් අය කර ගැනීමට තීරණය කර ඇති බව ය.

මෙම පෙත්සම අද ( 18) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම ලබන 28 වන දා කැඳවන ලෙස ය.

Previous articleආනන්ද විජේපාලට එරෙහි පෙත්සමක් කල් යයි !
Next articleආණ්ඩුව bookin.com ට ගේමක් දෙන්න සූදානම් වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here