Home අද භාණ්ඩ ප්‍රවාහනයට මිනිසුන් රහිත ගුවන් යානා !

භාණ්ඩ ප්‍රවාහනයට මිනිසුන් රහිත ගුවන් යානා !

21
0

චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, චීනයේ Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කර තිබෙන බව වාර්තා වේ.

මිනිසුන් රහිතව ධාවනය වන මෙම යානය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි පරිදි නිපදවා තිබීම විශේෂත්වයක් බවද සඳහන් වේ. ‍ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතින අතර සම්පූර්ණ බර ද සහිත ව කිලෝමීටර් 1000ක දුරක් ගමන් කිරීමේ හැකියාව ද පවතින බව සඳහන් වේ. TP1000 යානය ලබන වසරේ සිට නිල වශයෙන් භාවිත කිරීමට සැලසුම් කරන බව චීන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleපොල්දූව වටරවුමේ උද්ඝෝෂණ බෑ
Next articleමර්වින් සිල්වා 24 දක්වා නැවතත් ඇතුලට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here