88-89 කාලයේ බටලන්ද වධකාගාරයේ වද විදි විශාල පිරිසක් ඊට සාක්ෂි දෙන්න සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කර සිටියේ කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමිනි.
තමන් නීතියට වැඩකරන බවත් කිසිවකුට මඩ ගැසීමේ උවමනාවක් නැති බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව ඉදිරියේදී මෙම වධකාගාර සිදුවීමට සම්බන්ධ බොහෝ දෙනෙකුට නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවනු ඇති බවද ඔහු පැවසුවේය.