Home අද පොල්දූව වටරවුමේ උද්ඝෝෂණ බෑ

පොල්දූව වටරවුමේ උද්ඝෝෂණ බෑ

18
0

පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව වටරවුම හා ඒ අවට අද 17 සිට ලබන 21 දක්වා කාලය තුළ කිසිදු උද්ඝෝෂණයක්. උපවාසයක් නොපවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් කිහිපයක නියෝජිතයින් අද සිට පොල්දූව වටරවුම කේන්ද්‍ර කරගෙන විරෝධතා පැවැත්වීමට සැලසුම්කර තිබූ අතර එමගින් මහජනතාවට හා පදිකයින්ට සිදුවන පීඩාව වළක්වාලීම සඳහා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව මාර්ගය භාවිතා කරන මහජනතාවට. පදිකයින්ට. රාජ්‍ය නිලධාරීන්ට. වාහන හසුරුවනන්ට අවහිර වන ආකාරයට පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද උල්ලංඝනය වන ආකාරයට කිසිදු ඝෝෂණයක්. උපවාසයක්. නොපැවැත්විය යුතු බව එම නියෝගය මගින් අවධාරණය කර ඇත

Previous articleසැලසුම් කළ පරිදි සෞඛ්‍ය වර්ජනය හෙට !
Next articleභාණ්ඩ ප්‍රවාහනයට මිනිසුන් රහිත ගුවන් යානා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here