Home අද වැලිවේරියෙත් වෙඩි තැබීමක් – එක් අයෙක් රෝහලේ

වැලිවේරියෙත් වෙඩි තැබීමක් – එක් අයෙක් රෝහලේ

16
0

වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරුණු බව පොලීසිය සඳහන් කරයි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන අතර
වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ වම් අතට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.

Previous articleඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි – විකල්ප මාර්ග භාවිත කරන්න
Next articleතානාපති කාර්යාල හා විශ්වවිද්‍යාල නේවාසිකාගාර සඳහා අමාත්‍ය නිල නිවාස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here