අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමක් නිසා පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන ආකාරයට වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 45 ක් වූ ඉඩම්තොට, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි