Home අද ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි – විකල්ප මාර්ග භාවිත කරන්න

ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි – විකල්ප මාර්ග භාවිත කරන්න

19
0

අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය දැනුම්දෙයි.

ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති අතර එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත්කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය උපදෙස් දෙයි.

අදාළ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී පහත විකල්ප මාර්ග භාවිත කළ හැකිය.

• ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට

• වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී – වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙස

Previous articleමේ විශේෂ දැනුම්දීම සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ටයි
Next articleවැලිවේරියෙත් වෙඩි තැබීමක් – එක් අයෙක් රෝහලේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here