Home අද විශ්‍රාම ගිය බූස්ස බන්ධනාගාර අධිකාරිට නිවසටම ගිහින් වෙඩි තියලා !

විශ්‍රාම ගිය බූස්ස බන්ධනාගාර අධිකාරිට නිවසටම ගිහින් වෙඩි තියලා !

40
0

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අක්මීමන පොලිසිය පවසන්නේ අද (13) පස්වරුවේ මෙම නිලධාරියාගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරිවරයා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි බූස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරිවරයෙකු ලෙස සේවය කළ අයෙකි.

මෙම බන්ධනාගාර අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ දී විශ්‍රාම ලබා ඇතිබව වාර්තා වේ.

කෙසේවෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මේ වනතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර අක්මීමන පොලීසිය මේ වැඩිදුර විමර්ශන සිදුකරයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ ආණ්ඩුව අඩුවෙන් කතා කර වැඩි වශයෙන් සිවිල් හා මහජන ආරක්ෂාව තහවුරු කිරීමට කැපවිය යුතු බවයි. වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ ආරක්ෂක අංශ වල දැඩි පසුබෑමක් පෙන්නුම් කෙරෙන බවද ඔවුන් පවසයි.

මේ තත්ත්වය දිගටම පැවතිය හොත් නිලධාරීන් ගේ චිත්ත ශක්තිය හීනවී යනු ඇති අතර එය වත්මන් තත්ත්වය තවත්  බරපතළ කරනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Previous articleඅපි විද්‍යාත්මකව ගණින්න හදන්නේ රනිල් හදපු රිලව් – මාලිමා මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම
Next articleමාධ්‍යට නොකියා රජය පාතාලයේ දැවැන්ත මර්දනයක් දියත් කරලා : චතුරංග මාධ්‍යට කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here