Home අද “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” හදන්නේ අඩු මිලට අරක්කු විකුණල ද? –...

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” හදන්නේ අඩු මිලට අරක්කු විකුණල ද? – ADIC

49
0

”අඩු මිලට අරක්කු හඳුන්වා දී පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්නේ කොහොමද ?” යන ප්‍රශ්නය මතු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

නව රජය විසින් පත්කරන ලද සුරාබදු කොමසාරිස්වරයා 2024 දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අඩු මිලට මද්‍යසාර බෝතලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටි බවත් එම යෝජනාව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ඇතුළු සංවිධාන ගණනාවක් සහ මහජනතාවගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය එල්ල වූ බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙන අතර එලෙස දැඩි විරෝධයක් තිබියදීම 2025.03.09 දින රජයේ මුදල් පිළිබඳ කාරක සභා (COPF) රැස්වීමේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහි නිලධාරීන් විසින් ඉහත යෝජනාව නැවතත් ඉදිරිපත් කරමින් ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළ බව සඳහන් කර තිබේ.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යන නව රජයේ දැක්මට 100% පටහැනි මෙවැනි යෝජනාවක් සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන එන්නේ ජනාධිපතිවරයා ඇතුළු නව රජය අපහසුතාවට පත් කිරීමට දැයි ප්‍රබල සැකයක් ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හා එහි නිලධාරීන්ගේ කාර්යය විය යුත්තේ කසිප්පු සහ නීතිවිරෝධී මද්‍යසාර අලෙවි කරන්නන් නීතියේ රැහැනට ගෙන ඒම බවත් එසේ නොමැතිව රටේ පාලකයන් සහ ජනතාව මුලා කරමින් නීතිවිරෝධී මද්‍යසාර 40% ක් පවතින බව ප්‍රකාශ කරමින් විද්‍යාත්මක බවක් නොමැති මද්‍යසාර සමාගම්වල උවමනාවන් වෙනුවෙන් සිදු කරන ලද අධ්‍යයන මත කරුණු ඉදිරිපත් කිරීමක් නොවන බව ද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම බව වසන්කර ගැනීම සඳහා හිතළු ඉදිරිපත් කරමින් පාලකයන් සහ ජනතාව මුලා කිරීම ද බරපතළ තත්ත්වයක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

එම නිවේදනය පහතින් ..

May be an image of text

May be an image of text

May be an image of text

Previous articleවෛද්‍ය වර්ජනය උදේ 8 ට අවසන් – අනුරාධපුර රෝහලේ වර්ජනය අඛණ්ඩව
Next articleදේශපාලනඥයන්ට පාසල් උත්සව වලට යාම තහනම් කරමින් නීති පනවා නෑ – අගමැතිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here