දින 30 ක සටන් විරාමයක් සඳහා යුක්‍රේනය සිය එකඟතාවය පළ කර තිබෙන බව වාර්තා වේ.
යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන් අතර සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැති බවද වාර්තා වේ