Home අද තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ !

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ !

14
0

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ තැපෑල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව මාර්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය, තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බවත් එම කොමිෂන් සභාව පවසයි.

මේ අතර අයදුම්පත්‍ර ලැබීමේදී සිදුවිය හැකි ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා මාර්තු 13 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාර දෙන ලෙසද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

පසුගිය 10 වැනි දින නාමයෝජනා දැන්වීම පළ කළ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල පමණක් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය එළැඹෙන 19 වැනිදා බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Previous articleපෙත්සමේ තීන්දුව 17 එන්නේ : දේශබන්දුට දිගටම හැංගිලා ඉන්න වෙන්නේ ?
Next articleඅධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2,100 ක් අනිවාර්ය නිවාඩු යවයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here