Home අද සැකකරු අත්අඩංගුවට ගත්තද වර්ජනය අඛණ්ඩව – GMOA

සැකකරු අත්අඩංගුවට ගත්තද වර්ජනය අඛණ්ඩව – GMOA

16
0

අනුරාධපුර රෝහලේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ද, ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (13) පෙරවරු 08 දක්වා ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කල අතර ඒ ඊයේ (11) දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියක දූෂණයට ලක්කිරීමේ සිද්ධියට විරෝධතාවට පළකරමිනි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ලේකම් සුගත් සුගතදාස මහතා,

“වැඩවර්ජනය හෙට උදෑසන අවසන් කරනවා අපි බලාපොරොත්තු වුණ බලපෑම කරන්න. මේ අපරාධ මෙයින් ඉස්සරහට මෙවැනි දේවල් සිදුවිය නොහැකි බවට දැඩි ස්ථාවරයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්නවා. අපි දැඩි ලෙස මේක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස හෙළාදකිනවා.” බව ප්‍රකාශ කර සිටියේය.

Previous articleඅදානි ඉදිරියේ ආණ්ඩුව දණ ගහන ලකුණු !
Next articleපාසල් නිවාඩුව එළඹෙන සිකුරාදා(14) ආරම්භ වේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here