Home අද හිටපු ජනපති අත්අඩංගුවට !

හිටපු ජනපති අත්අඩංගුවට !

10
0

හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩුටර්ටේ සිය ධූරයේ සිටි කාලය තුළ පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබාදී ඇති අතර පොලිස් දත්තවලට අනුව, 6,000කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තවද, ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව ස්වාධීන නිරීක්ෂකයින් විශ්වාසය පළ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

Previous articleවෛද්‍යවරුන් වැඩ වර්ජනයක !
Next articleසත්ත්ව සංගණනයට මෙහෙයුම් මැදිරියක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here