Home අද සත්ත්ව සංගණනයට මෙහෙයුම් මැදිරියක් !

සත්ත්ව සංගණනයට මෙහෙයුම් මැදිරියක් !

31
0

බෝග වගාවන්ට හානි කරන වන සත්ත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

සත්ව සංගණනයේදී යම් ගැටළුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳව 011- 2034336 දුරකථන අංකයෙන් විමසීමක් සිදු කිරීමට ඊයේ (11) දින සිට 15 දින දක්වා මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එළඹෙන 15 වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලයේ දිවයින පුරා පැවැත්වීමට නියමිත මෙම සංගණනයට අදාල පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බවත් වගාවට හානි සිදු කරන වනසතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව ලැබී නොමැති නම්, ඒ පිළිබඳව කලබල නොවී ප්‍රකාශිත කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Previous articleහිටපු ජනපති අත්අඩංගුවට !
Next articleදින 30 ක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here