ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 144 දරණ ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී එහි පැමිණි විදේශිකයෙකු වෙතින් ගුවන් සේවිකාවකට සිදුකළ ලිංගික අතවරයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
2025.03.11 වන දින රාත්‍රී කාලයේ මෙරට ගුවන් සීමාව තුළ එය සිදුව ඇති බවත් එහිදී සැකකරු බීමතින් සිටි බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධව ලැබුණු පැමිණිල්ලට අනුව ගුවන් තොටුපළ පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කර ඇත.
ඒ අනුව සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුරුව සැකකරුව මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට ද කටයුතු කර ඇත.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65 ක් වන ස්වීඩන් ජාතිකයෙකි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප 2ක් මත මෙලෙස මුදාහැර ඇත.
එමෙන් ම, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර අප්‍රේල් 21 වන දා මෙම නඩුව නැවත කැදවීමට අධිකරණය දින නියම කර තිබේ.