වියත්පුර නිවාස ඉල්ලුම් කළ පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් 50 දෙනකුට නිවාස ලබාදීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
අරගලය පැවැති සමයේ අරගල කරුවන් විසින් ගිනි තබා ඇති බව කියන නිවාස වෙනුවෙන් හිටපු මැති ඇමතිවරු 76 දෙනෙකුට නිවාස ලබාදිය යුතු බවට එවකට කැබිනට් මණ්ඩලයතීරණය කර තිබිණි.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ ද ඔවුන් 76 දෙනා අතරින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම් අත්සන් කර ඇත්තේ 26 දෙනෙක් පමණි.
ඒ අනුව නිවාස ලබා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර නොතිබූ පනස් දෙනෙකුට නිවාස ලබාදීම මෙලෙස අත්හිටුවා ඇත.
පසුගිය රජය ඉතා අඩු තක්සේරුවක් යටතේ මැති ඇමතිවරුන්ට නිවාස ලබාදීමට සැලසුම් කර තිබූ බව නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
වියත්පුර නිවාස සංකීර්ණයෙන් හිටපු මැති ඇමතිවරුන් නිවාස ලබාගෙන රජයට සිදුකර ඇති පාඩුව රුපියල් කෝටි විසි දෙකකට අධික බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා පැවසීය.
මෙලෙස නිවාස ඉල්ලුම් කර ඇති ඇතැම් ඇති ඇමතිවරුන් නිවාස හා දේපොළ වන්දි ද ලබාගෙන ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය