මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2024 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ට අමතරව මෙම නව ඡන්ද දායකයින් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.
2024 වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවන දින සහ 2025 වර්ෂයේ පෙබරවාරි මස පළමු වන දින සහතික කරන ලද පරිපූරක ඡන්ද හිමි නාමලේඛනවලට අනුව නව ඡන්ද දායකයින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. ඒ අනුව මෙවර පළාත් පළාන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර බාරගැනීම හෙට (12) දිනයෙන් අවසන් වන අතර තැපෑලෙන් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ සියලු ඡන්ද හිමියන්ට හෙට දිනට පෙර සිය ඉල්ලුම් පත් අදාළ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත ලබාදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි