Home අද වැටුප් ප්‍රශ්නය වර්ජනයක් කරා යයි – ගුවන් ගමන්වාර සිය ගණනක් අවලංගු වෙයි...

වැටුප් ප්‍රශ්නය වර්ජනයක් කරා යයි – ගුවන් ගමන්වාර සිය ගණනක් අවලංගු වෙයි !

22
0

ජර්මනියේ ගුවන් ගමන් වාර සිය ගණනක් අවලංගු කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වැටුප් සම්බන්ධයෙන් වූ ගැටළුවක් මුල් කරගනිමින් ගුවන් තොටුපොළ සේවකයින් රට පුරා වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් අදාළ ගුවන් ගමන් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච්, බර්ලින් සහ අනෙකුත් ප්‍රධාන මධ්‍යස්ථානවල මගීන්ට ගුවන් තොටුපළවලට ගමන් නොකරන ලෙස බලධාරීන් ඉල්ලා සිටින බවයි .

මේ අතර ජර්මානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ දවස පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති අතර එමඟින් මගීන් 500,000 කට වැඩි පිරිසකගේ ගමන් බිමන්වලට බාධා එල්ල විය හැකි බවයි. ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබූ සියලුම පිටත්වීම් 143ක් දැනටමත් අවලංගු කර ඇති බව වාර්තා වේ

Previous articleපුංචි ඡන්දයට නව ඡන්දදායකයින් ලක්ෂ එකහමාරක් !
Next article‘වියත්පුරේ’ නිවාස ඉල්ලූ හිටපු මැති ඇමතිවරු 50කට මාලිමා ආණ්ඩුව කරපු දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here