Home අද සංගාගෙන් විශිෂ්ඨ පිතිහරඹයක් – ශ්‍රී ලංකා මාස්ටර්ස් අවසන් පූර්ව වටයට !

සංගාගෙන් විශිෂ්ඨ පිතිහරඹයක් – ශ්‍රී ලංකා මාස්ටර්ස් අවසන් පූර්ව වටයට !

15
0

ඉන්දියාවේ පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ තරගාවලියේ ඊයේ (10) පැවැති තරගයෙන් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් විය.

Shaheed Veer Narayan Singh ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමයි. ඒ අනුව ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 146ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 147ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 05ක් අවසානයේ ලකුණු 150ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර පන්දු 47කදී නොදැවී ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය.

අසේල ගුණරත්න පන්දු 12කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 22ක් රැස්කිරීමට සමත් විය.

Previous articleවෙනස්ම දන්සල් අත්දැකීමක් සමඟ දළදා දැක්ම සූදානම් !
Next article“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here