මැතිවරණ කාලයක් මැද පොලිස් නිලධාරීන් මාරු කිරීම් සදාචාර විරෝධි, නීති විරෝධි හා පක්ෂග්‍රාහි කටයුත්තක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මෙසේද පැවසීය .
පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 13කට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වශයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 41කට හදිසියේ මාරුවීම් ලබා දීලා. අපි මේ ගත කරන්නේ ඡන්ද කාලයක්. මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන දවසේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දවස දක්වා කාලය තමයි මැතිවරණ කාල වකවානුව කියන්නේ. ඒ කාලය තුල විශේෂයෙන්ම මැතිවරණ කටයුතු වලට සෘජුවම බලපාන පොලිස් ස්ථානාධිපති සහ ග්‍රාම නිලධාරි වැනි නිලධාරින් කිසිසේත්ම මාරු කරන්නේ නෑ. මේ මාරු කිරීම් හරහා තමන්ට අවාසිදායක ප්‍රදේශ වල මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා එවැනි මාරු කිරීම් සදාචාර විරෝධියි; නීති විරෝධියි; පක්ෂග්‍රාහියි.
මේ මාරුවීම් කලේ මැතිවරණ කොමිසමේ අනුමැතිය ගෙන නොවේ නම් ඒවා වහාම අවලංගු කළ යුතුයි. මැතිවරණ කොමිසම අනුමත කළා නම් ඒවාට අනුමැතිය ලබා දීමට හේතුව කොමිසම විසින් රටට හෙලි කළ යුතුයි.