Home අද GMOA වර්ජනයක් කැඳවයි : වෛද්‍යවරයෙකු සංවේදී සටහනක් තබයි !

GMOA වර්ජනයක් කැඳවයි : වෛද්‍යවරයෙකු සංවේදී සටහනක් තබයි !

492
0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි.
කෙසේ නමුත් හෙට දිනය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, සමස්ත උතුරුමැද පළාතේම වර්ජනයක් සිදුකරන බවට ඔවුන්ට අනතුරු අඟවා ඇත.

මේ අතර වෛද්‍ය ලක්මාල් කුලසේකර සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සංවේදී සටහනක් පහත දැක්වෙයි .

“අපි රටක් හැටියට නිවෙන්න ඕන…”

අනුරාධපුර හොස්පිට්ල් එකේ Oncall room එකකදි වෛද්‍යවරියක් දූෂණය වෙලා…

පහුගිය ටිකේ සමාජ මාධ්‍යයෙ ලියන එක පවා මා අඩු කරල දැම්මෙ සමාජයෙ ඉහවහා යන වෛරය අප්පිරිය වෙලා…

රටේ උඩ ඉඳල පහලට යනකන් හැම තීරුවකම මේ සමාජ වෛරය දෙගොඩතලා යමින් තිබෙනව…

වෛද්‍යවරුන් තමන්ගෙ වෘත්තීය ගැටලුවක් මතුකල වෙලාවෙ ඔවුන්ට එරෙහිව අම්ම මුත්ත මතක් කරල සමාජ මාධ්‍යයෙ බනිනව…

එක දිනයක් ඇතුලත මිනිස්සු විසි ගාණක් මහමග අනතුරු වලින් මිය යනව…ඉවසීමක් නෑ..

නවය වසරෙ පොඩි එකෙක් විදුහල්පතිට කුණු හරුපෙන් බනිනව…හැදියාවක් නෑ…

ගොවියෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ගිහින් වීදුරු කුඩු කරනව….ඒකට හුරේ දානව…

මහේස්ත්‍රාත් අධිකරණයෙ නඩුකාරතුමිය ඉස්සරහ වෙඩි තියල මරනව…

පොඩි එවුන් දෙන්නෙක් එක්ක තාත්ත වෙඩි තියල මරනව…

මේක මේ පාතාලෙ, මේක මේ දේශපාලනේ , මේක මේ කාලකණ්ණි රාජ්‍ය සේවකයො, මේක මගමරු බස්කාරයො කියල අතපිහගන්න බැරි බව දැන්වත් තේරෙන්න ඕන…

මේ වෛරය මුලුමහත් සමාජ දේහයම තුවාල කරල ඉවරයි….

දේශපාලනය මත වෙන්න පුළුවන්, මුදල් මත වෙන්න පුළුවන්, තනතුරු මත වෙන්න පුළුවන්, ජාතිආගම මත වෙන්න පුලුවන් වෛරයෙන් අන්ධවුනාම ඇත්ත පේන්නෙ නෑ….

වෛද්‍යවරුන්ට අභිමානයෙන් වැඩ කරන්න පරිසරය හදල දෙන්න කීවම “එහෙම මොකටද ?” කියල අහන්න හිතෙන්නෙ ඔය වෛරය නිසා…

මං හිතන්නෙ අපි උඩ ඉඳල පහලට සමාජයක් හැටියට නිවෙන්න ඕන ටිකක් හරි…

කාන්තා වෛද්‍යවරියකගෙ Oncall room එකත් අනාරක්ෂිත වුණා නම් රට ගැන කතා කරන්න දෙයක් නෑ…

මේක ආණ්ඩුවකට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවි…

ආණ්ඩුවත් නිවෙන්න ඕන…
මිනිස්සුත් නිවෙන්න ඕන…

නැතිනම් මේ ගමන කොහෙන් නතර වෙයිද දන්නෙ දෙයියන්ම තමයි…

ලක්මාල් කුලසේකර

රෝහලේදීම වෛද්‍යවරියක් දූෂණය කරයි – අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වර්ජනයක්

Previous articleරෝහලේදීම වෛද්‍යවරියක් දූෂණය කරයි – අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වර්ජනයක්
Next articleඅපරාධකරුවන් ආරක්ෂා කරන්නන්ටත් වැඩ වරදියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here