Home අද පුංචි ජන්දය කල් යයි ?

පුංචි ජන්දය කල් යයි ?

13
0

පළාත් පාලන මැතිවරණය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට දී තිබූ කාලය හමාරවීමට පෙර නාමයෝජනා කැඳවා අවසන් කිරීමට එරෙහිව නඩු පැවරීමට විපක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසම මුලින් ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන ඡන්දය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය මෙම මාර්තු මස 28 දා දක්වා කළ හැකි බවයි.

එසේ තිබියදී පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා භාරගැනීම මාර්තු මස 20 දා හමාර කිරීමෙන් මාර්තු 28 දක්වා නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට පුරවැසියන්ට ලබා දී තිබූ අවස්ථාව අහිමි කිරීම අසාධාරණ බව කියමින් මෙම නඩුව පැවරීමටත් ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමටත් විපක්ෂයේ හිටපු ඇමැති රාජිත සේනාරත්න ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් දැනටමත් සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

යම් හෙයකින් අධිකරණය මෙම ඉල්ලීම පිළිගතහොත් නැවත වරක් පළාත් පාලන ඡන්දය කල් යාමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

සති අග දේශය පුවත්පත මේ බව අනාවරණය කර ඇත.

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ යෝජිත පළාත් පාලන මැතිවරණය අපේක්ෂිත ආකාරයට මැයි මුල් සතියේ පැවැත්වෙනු ඇති බවයි.

Previous articleමාලිමාව වතු ජනතාවට දුන් පොරොන්දු ඉටුකළේ නෑ : පුංචි ජන්දයේදී ප්‍රතිඵල ලැබෙයි – දිගම්බරම්
Next articleආණ්ඩුව එළියට නොදාන ලැයිස්තුවක් ගැන චම්පිකගෙන් අනාවරණයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here