ජාතික ජනබලවේගය ආණ්ඩුව වතු කම්කරු ජනතාවට පොරොන්දු රැසක්දී බලය ගත්තත් ඒ කිසිවක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.
එබැවින් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක බලය තමන් සතු කර ගැනීමට හැකියාව ඇති බවද ඔහු පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මේ බව සඳහන් කර සිටියේ නුවරඑළියේ ජනතාව අමතමිනි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් දිස්ත්‍රික්ක වල තනිව තරග කිරීමටත් තවත් තෝරාගත් දිස්ත්‍රික්ක වල අනෙක් පක්ෂ සමඟ සන්ධාන ගතව තරග කිරීමටත් අපේක්ෂා කරන බව පැවසූ මන්ත්‍රීවරයා පළාත් පාලන ආයතන වල බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය සමඟ ද සාකච්ඡා කිරීමට සූදානම් බවද සඳහන් කළේය .
ඒ වෙනුවෙන් බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් පැවසීය.
පලනි දිගම්බරම් මන්ත්‍රී වරයා ඒ බැව් (09) දින කියා සිටියේ හැටන් ෂැනන් වතුයායේ කේ.එම්. කොටසේ පසුගිය දා ගිනිගෙන විනාශ වු වතු නිවාසවල පදිංචිව සිටි පීඩාවට පත් ජනතාවගේ සැප දුක් සොයා බැලීමට ගිය අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය සමග එක්ව තරග කරන බවයි. තවත් දිස්ත්‍රික්ක රැසක තනිවම තරග කිරීමටත් අදහස් කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය සමග වුවද එක්ව කටයුතු කිරිමට තමන් සූදානම් බවත්, ඒ සදහා එම පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පැවසූ පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් රජය වතුකම්කරුවන්ට පොරොන්දු ගනනාවක් ලබා දි වතුකරයේ ජනතාවගේ ජන්දය ලබාගත් බවයි.
එම පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කිරීමට රජය අපෝසත් වි ඇති බවත්, මෙවර පලාත් පාලන මැතිවරනයේදි රජයට හොද පාඩමක් උගන්වන බවද පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.