නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව 26 වන දින ජනතා අයිතියට පත්කිරීමේ සූදානම පිළිබඳ ප්‍රචාරය ජනතාව නොමඟ යවන සුළු කාර්‍යයක් බවට විවේචන එල්ලවෙමින් තිබේ.
මෙසේ විවේචනය වෙමින් තිබෙන්නේ, ඒ පිළිබඳව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනකි.
එම සටහන මෙසේය.
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ මෙහිදී ආණ්ඩුව අලුතින් ලුණු කර්මාන්ත ශාලාව විවෘත කරන බවක් ජනතාවට ගම්‍ය කරමින් සිදුකරන කටයුත්ත නොමඟ යවන සුළු බවයි.
2016 වර්ෂයේ ප්‍රතිස්ථාපනය කොට ඇති අලිමංකඩ ලුණු සමාගමේ 2021 වර්ෂයේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5211 ක නිෂ්පාදනක්.පෙන්වූ බවත්, එය 2024 අවසානයේ ආණ්ඩු මාරුවට පෙර තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ වෛද්‍ය රමේෂ් පතිරණ ක්‍රියාත්මකව සිටි බවද විචාරකයන් සිහිපත් කරයි.
එසේම එය 2020 දී ද සංවර්ධනය කෙරුණු අතර, ක්‍රියාකාරීව තිබූ කම්හලක් නැවත වත්මන් ආණ්ඩුවේ කටයුත්තක් ලෙස ප්‍රදර්ශනය කිරීමෙන් ජනතාව නොමඟ යැවීම වත්මන් ආණ්ඩුවේ ජනවරමට කරන නිගාවක් බවද දේශපාලන විචාරකයන් ගේ මතය වී තිබේ.
ඒ වෙනුවට ආණ්ඩුව කළ යුතුව ඇත්තේ නිෂ්පාදනය නැංවීමට හැකි අවස්ථා හඳුනාගෙන ඒ සඳහා ආයෝජකයක් කැඳවා ගැනීම බවද ඔවුන් පෙන්වා දෙයි.
එසේ නොමැතිව කරන මෙවැනි සංදර්ශන වලින් තාවකාලිකව ජනප්‍රිවාදී වීමට හැකි නමුත් එය දීර්ඝ කාළීනව ආර්ථිකය වෙත මෙන්ම ආණ්ඩුවටද අහිතකර විපාක ගෙනෙනු ඇති බවද විචාරකයන් අවධාරණය කරයි.
පහත දැක්වෙන්නේ ආණ්ඩුව මාර්තු 26 සංදර්ශනාත්මක ලෙස ජනතා අයිතියට පවරන බව කියන අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව පසුගිය කාලය පුරා ක්‍රියාත්මකව පැවති බවට සාක්ෂිය. මේ නිසාම මේ කටයුත්ත සමාජ මාධ්‍ය තුළ ද හාස්‍යට ලක්වෙමින් තිබේ.