Home අද කසිප්පු වලට වඩා ප්‍රමිතියෙන් හොඳ මත්පැන් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා – සුරාබදු...

කසිප්පු වලට වඩා ප්‍රමිතියෙන් හොඳ මත්පැන් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා – සුරාබදු දෙපාර්තමේන්තුව

23
0

මෙරට තුළ භාවිතවන නීති විරෝධි මත්පැන් වෙනුවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය යටතේ නව මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කර හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති මුදල් කාරක සභාවේදී (COPF) අදහස් දක්වමින් සුරාබදු නිලධාරීන් මේ බව පැවසීය.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට මෙය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා,

“නීති විරෝධි මත්පැන් භාවිතාකරන අය නීතිමය පැත්තට ගන්න පුළුවන්. 40% – 45%කට වැඩි පිරිසක් නීතිවිරෝධි මත්පැන් පැත්තේ ඉන්නේ. ඒ අය තමයි අපි නීතිමය පැත්තට ගන්න ඕන.

ඒ පාරිභෝගිකයාට ගැළපෙන මිලට අලුත් මත්පැන් වර්ගයක් දෙන්න පුළුවන් නම් බිලියන 50කින් විතර ආදායම වැඩිකරගන්න පුළුවන්” යනුවෙන් පැවසීය.

මෙහිදී සුරාබදු ඉහළ නිලධාරීන් පෙන්වා දුන්නේ 85% සැර වෙනුවට කසිප්පුවල තිබෙන අහිතකර ද්‍රව්‍යවලට වඩා හොද ප්‍රමිතියෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට අදහස්කරන බවයි.

එහි ආරම්භය ලෙස 25% සැර යටතේ මිලිලීටර් 180ක මත්පැන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ නමුත් මේ සියල්ල අනිවාර්යයෙන්ම පරීක්ෂාකර බලා නියමිත ප්‍රමිතියෙන් නිකුත්කරන බව පෙන්වා දුන්නේය.

පැලවත්ත සහ සෙවනගල ස්කාගාර ඒ ප්‍රශ්නයට විසදුමක් ගතහැකි බවත්, ප්‍රමිත මට්ටමකට මෙම ස්ප්‍රිතුව නිෂ්පාදනය කළහොත් අවම වශයෙන් බිලයන 50 -100 අතර බදු ආදායමක් ලබාගත හැකි බව සුරාබදු නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වීය.

Previous articleහිටපු කථානායක චමල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයට!
Next articleමාලිමාව වතු ජනතාවට දුන් පොරොන්දු ඉටුකළේ නෑ : පුංචි ජන්දයේදී ප්‍රතිඵල ලැබෙයි – දිගම්බරම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here