Home අද රනිල්ට අපෙන් කිසිම බේරිල්ලක් නෑ. සියලු අපරාධ වලට යුක්තිය ළඟදීම – වටගල...

රනිල්ට අපෙන් කිසිම බේරිල්ලක් නෑ. සියලු අපරාධ වලට යුක්තිය ළඟදීම – වටගල රටටම කියයි!

134
0

බටලන්ද කොමිසමේ වාර්තාව මෙන්ම තවත් සිද්ධීන් කිහිපයක් පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එල්ලවන චෝදනා සම්බන්ධව රජය නව පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසීය. ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යවේදින් වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

එහිදී මාධ්‍යවේදියෙකු සමාජය තුළ කතාබහට ලක්වී ඇති බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සම්බන්ධව විමසූ විට නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කියා සිටියේ එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවයි.

එසේම අපරාධයක් කාලාවරෝධය වෙන්නේ දීර්ඝ කාලයකට පසුව බවත් , අපරාධ යට සැඟවිලා තියෙනවා කොයි මොහොතක හෝ එළියට එන බවත් පැවසූ ඔහු විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයත්, බැඳුම්කර වංචාව, බටලන්ද වධකාගාරය යන තුනටම අදාළව රනිල් වික්‍රමසිංහ වගකිවයුතු නම් පරීක්ෂණ කඩිනමින් සිදුකර ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කාටත් නීතිය එක සේ ක්‍රියාත්මක කරන බවද පැවසීය.

Previous articleගම්පහ වෙඩි තැබීම : ගනේමුල්ල සංජීවගේ සහ කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි අතර ගැටුමක් ! (PHOTOS)
Next articleජවිපෙන් කොළඹට ව්‍රායි බල්තසාර් : ටිල්වින් දැනුම්දෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here