යෝජිත පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළ අතර ඒ කොළඹදී පැවති ජන හමුවක් අමතමිනි.
යෝජිත පළාත් පාලන මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභාවන් සඳහා කාන්තාවන් සියයට විසිපහක් නියෝජනයක් නම් කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම ඉදිරි මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීමට උපරිම කැපවී කටයුතු කළ යුතු බවද ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.