අධිකරණය මගහැර සැඟව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් සියල්ල අත්හිටුවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
ගාල්ල වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් සැරයන්වරයෙකු මිය යෑමේ සිද්ධියකට අදාළව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහු සිටි ස්ථාන පරීක්ෂාවට ලක් කළද හිටපු පොලිස්පතිවරයා එම ස්ථානවලින් පිටව ගොස් සැඟව සිටින බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
හිටපු පොලිස්පතිවරයෙක් මේ ආකාරයට අධිකරණයට කට්ටි පනිමින් සැඟව සිටීම ඉතා පහත් ක්‍රියාවක් බව පවසන නියෝජ්‍ය ඇමතිවරයා ඉදිරි දින කීපය තුළ ඔහු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වනු ඇති බව අනාවරණය කළේය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් අධිකරණය හමුවේ පෙනී සිටීම දිගින් දිගටම මගහැරීමෙන් ඔහුගේ වත්කම් සියල්ල අත්හිටුවිය හැකි බව නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.