Home අද බලෙන් ඉඩම් බෙදන්න ගිය ජවිපෙ මන්ත‍්‍රීව ගම්මුන් පලවා හැරලා !

බලෙන් ඉඩම් බෙදන්න ගිය ජවිපෙ මන්ත‍්‍රීව ගම්මුන් පලවා හැරලා !

606
0

පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයට අයත් අක්කර 35 ක් පමණ වන බණ්ඩාර හේන නැමැති ඉඩම බලහත්කාරයෙන් අල්ලා සිය හිතවතුන්ට බෙදා දීමට උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසකට ගම්වාසීන් විරුද්ධ වී පහර දී පළවා හැර ඇතැයි අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.

ලසන්ත රුහුණගේ විසින් සම්පාදිත එම පුවතට අනුව , එම ඉඩම බලහත්කාරයෙන් ඇල්ලීම සඳහා හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මාර්තු 05 වැනිදා බැකෝ යන්ත්‍රයක් සමඟ පැමිණ ඇති අතර ඉඩම තුළ ලියද්දක් ආකාරයට සකස් කරමින් සිට ඇත.

ඒ පිළිබඳ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි , ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කිරීමෙන් පසු ඇය එම නීති විරෝධී කටයුත්ත නවත්වන ලෙස පොලීසියට දැනුම් දී ඇත.

පොලීසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් එම නීති විරෝධී කටයුත්ත නවතා දමා තිබෙන අතර සකස්කරමින් සිටි ලියද්ද යළි තුනී කිරීමට ද කටයුතු කර තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරිය එම ඉඩම නීති විරෝධීව අල්ලා ගැනීමට පැමිණි පිරිසට දැනුම් දී ඇත්තේ එම කටයුතු තවදුරටත් කළහොත් ඔවුන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවයි.

අනිද්දා කළ විමසීමකදී ආරච්චිකට්ටුව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරමින් සිටින බවයි.

එම ඉඩම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රදේශයේ ඉඩම් නොමැති ජනතාවට ලබාදීම සඳහා මීට පෙර මැනුම් කටයුතු සිදුකර තිබුණු බවත්, ඉඩම් කච්චේරියක් පවත්වා එම ඉඩම් ලබාදීමට නියමිතව තිබුණු බවත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Previous articleහිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර පොලිසිය මඟහරී
Next articleපොලිසියේ ඇස් වසා ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පනී ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here