Home අද පොලිසියේ ඇස් වසා ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පනී ?

පොලිසියේ ඇස් වසා ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පනී ?

38
0

පාතාල කල්ලි නායක ගනේමුල්ලේ සංජීව අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකරු බවට සැක කරන ඉෂාරා සෙව්වන්දි නැමැති තරුණිය බෝට්ටුවකින් ඉන්දියාවට පලා යන්නට ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති.

මේ වන විට ලැබුන තොරතුරු මත ඉෂාරා සෙව්වන්දි ගැවසුන බව කියන ස්ථාන 200 ක් පමණ පරීක්ෂාවට ලක් කරමින් විමර්ශන කටයුතු සිදුකළද ඇය ලංකාවේ සිටින බවට කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව විමර්ශන කටයුතුවල නිරත උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ඝාතනය සිදුව දින දෙකකට පසු සෙව්වන්දි කළුතර ප්‍රදේශයට ගොස් රන් භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන්බාන්ඩ මිලදීගෙන ඇති බවට තොරතුරු අනාවරණය වුවද ඉන්පසු ඇය සම්බන්ධව කිසිදු තොරතුරක් සනාථ කර ගැනීමට නොහැකිවූ බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉෂාරා සෙව්වන්දි ජංගම දුරකථනය භාවිත කිරීම නතර කර ඇති බව පවසන පොලිසිය ඇය දකුණු පලාතේ මුහුදු තීරය ඔස්සේ බෝට්ටුවකින් පැන යන්නට ඇතැයි සැක පහළ කරයි

Previous articleබලෙන් ඉඩම් බෙදන්න ගිය ජවිපෙ මන්ත‍්‍රීව ගම්මුන් පලවා හැරලා !
Next articleකාන්තා දිනය සමරන අද ගුරුවරියකට පහරදීම ගැන පාර්ලිමේන්තුවේ ඇසුන දුක හිතෙන කතාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here