ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිම අද (07) මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.
මේ අවස්ථාව සඳහා ජපන් තානාපති Akio Isomata මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී සිටිහය.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ ශ්‍රී ලංකාව සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට සිදුකළ යුතු බවත් එම ප්‍රතිසංස්කරණ සිදුකරගෙන යාමෙන් පමණක් මෙරට ආර්ථිකය ස්ථාවරව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන හැකියාව ලැබෙනු ඇති බවත්ය.
මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ක්‍රියාවට නැඟුණකි. කෙසේ වුවත් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට වත්මන් ආණ්ඩුව එවකට විපක්ෂයේ සිටියදී විරෝධය දැක්වීමත් විශේෂත්වයකි.