අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මේ බව සඳහන් කර සිටියේ අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
කෙසේ වුවත් ඊයේ (05) ජාතික රූපවාහිනීයේ “මහජන දිනය” වැඩසටහනට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පවසා සිටියේ මෙවැන්නකි.