Home අද හිටපු ජනපතිවරුන් විදෙස් සංචාර සඳහා වැයකළ මුදල් හෙළිදරව් කළ ආකාරය ගැන මෛත්‍රී...

හිටපු ජනපතිවරුන් විදෙස් සංචාර සඳහා වැයකළ මුදල් හෙළිදරව් කළ ආකාරය ගැන මෛත්‍රී දුකෙන්

55
0

පසුගිය සමයේ හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් හෙළිදරව් කළ කරුණු අනුව වසර 5ක කාලය තුළ තමා විසින් රුපියල් මිලියන 384ක මුදලක් වියදම් වී ඇති බව පෙනෙන බවත් ඇතැම් රාජ්‍ය නායකයන්ගේ මුළු ධුර කාලසීමාවෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කණගාටුවට කරුණක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාර සඳහා වැයකළ මුදල් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සිදුකළ හෙළිදරව්වට ප්‍රතිචාර ලෙස නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කරයි.

2015 වර්ෂයේ තමා බලයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ලෝකයේ බලවත් රටවල් සමඟ විදේශ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණු බවත් ඒ සියල්ල යලි යථා තත්වයට පත් කරමින් විදේශ සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත් විදෙස් සමුළුවලට තමා සහභාගී වූ විට විදෙස් රටවල රාජ්‍ය නායකයින් තමා අසලටම පැමිණ සුභද සාකච්ඡාවක නිරත වීමට තරම් ඒවන විට ශක්තිමත් විදේශ සබඳතාවයක් ඇති කර ගැනීමට තමාගේ ධුර කාලය තුල හැකි වූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය පහතින්….

No description available.

No description available.

Previous articleදේශබන්දු හොයාගන්න පොලිසිය ජනතා සහාය පතයි : තොරතුරු තියෙනවා Will be arrested – නියෝජ්‍ය ඇමති කියයි !
Next articleමනාප යළි ගණින ලෙස රාජිතගෙන් පෙත්සමක් – කරුණු සලකා බැලීම සැප්තැම්බර් 30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here