Home අද එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි. ඇමතියෝ දැන් ගණන් කරපිය, පිස්සු කෙලින වැඩනෙ...

එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි. ඇමතියෝ දැන් ගණන් කරපිය, පිස්සු කෙලින වැඩනෙ මේවා – සීලරතන හිමි වඳුරන් ගණන් කරයි

33
0

වත්මන් ආණ්ඩුව විසින් ලබන 15 වනදා දිවයින පුරා පැවැත්වීමට නියමිත රිලා සංගණනය පිළිබඳව බත්තරමුල්ලේ සීලරතන හිමියන් සිය අදහස් දක්වා තිබේ.

මෙම සංගණනය සම්පූර්ණයෙන්ම ජනතාව නොමඟ යවන විකාරරූපී වැඩසටහනක් බවත් රිලා සංගණනයට පෙර අලි-මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති.

රූපවාහිනී නාලිකාවකට මේ සම්බන්ධයෙන් උන්වහස්සේ මෙම අදහස් දක්වා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සීලරතන හිමියන්,

එකායි, දෙකායි, තුනායි, හතරයි, පහයි. දැන් මෙතන වඳුරො 05 ක් ඉන්නවා. ඇමතියෝ දැන් ගණන් කරපිය. දැන් මේ මගේ බත්තරමුල්ලෙ ආවාසෙ පක්ෂ කාර්යාලයේ වඳුරො 05 ක් ඉන්නවා. දැන් මේ වඳුරො පහ නිකමට හරි වෙනත් වත්තකට යනවා. ඒ මිනිස්සුත් මේ පහම ගණන් කරනවා. එතකොට එතන පහයි මෙතන පහයි දහයයි. මොන සංගණනද.. පිස්සු කෙලින දේවල්නෙ මේවා.

දැන් ග්‍රාමසේවකට වැඩක් නැතුවට වැඩක් දීලා. සමාලෝචකයන්ට දීලා. ග්‍රාමසේවකයින්ගෙන් සමාලෝචකයින්ගෙන් ගන්න ගොඩක් වැඩ තියෙනවා. මුන්ට ඉස්සෙල්ලා අලි මිනිස් ගැටුම විසඳපියව් කියල මම මේ අවස්ථාවේ කියනවා.

මේ රිලව් සංගණනය කළා කියන්නකො. මුං එතකොට ඒකාබද්ධ වුණාට පස්සෙ පැටව් හදනවා. පැටව් එකාද දෙකාද කියල ඒවත් ගණන් කරන්න එපැයි. මේක සම්පූර්ණම ජනතාව නොමඟ යවන එකක්. මේ සල්ලි ඉතුරු කරගෙන අලි මිනිස් ගැටුමට විසඳුම් දෙන්න. දුප්පත් මිනිසුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න.

මේ බලන්න මේ වඳුරො ටික හිනාවෙනවා… අර බලන්න…

Previous articleධීවර ප්‍රශ්නය විසඳුවේ නැත්නම් ඉන්දියාවේ අනෙක් උදව් සැබෑ උදව්ද කියා සැකයි :බිමල්ගෙන් මෝදිට දෝස්මුරයක් !
Next articleඉඩම් වංචාව සම්බන්ධයෙන් මර්වින්ට අමතරව තවත් 06 ක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here