Home අද බංකොලොත් රටක් බාරගෙන ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කළේ අපි – වසන්ත

බංකොලොත් රටක් බාරගෙන ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කළේ අපි – වසන්ත

63
0

මාස පහකට කලින් වත්මන් ආණ්ඩුවට බාරගැනීමට සිදුවූයේ බංකොලොත් රටක් බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

එසේ බාරගත් රට මාස පහකට පසු විශාල වැටුප් වැඩි කිරීමක් කිරීමටද තම ආණ්ඩුවට හැකියාව ලැබූ බවද හෙතෙම කියා සිටී.

වැටුප් වැඩි කිරීම සඳහා වසර තුනකට බිලියන 325 ක මුදලක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

මෙවර වැටුප් වැඩි කිරීම රාජ්‍ය සේවයේ මෙතෙක් ඉතිහාසයේ සිදු කරන ලද වැඩිම වැටුප් වැඩි කිරීම බවද ඒ මහතා පෙන්වා දෙයි.

Previous articleජාතික ආරක්ෂාව තහවුරු කල රටේ පොලිස්පතිත් නෑ සෙව්වන්දිත් නෑ
Next article2025 අයවැයට තවත්  චෝදනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here