Home අද අයිස් නිෂ්පාදනයේ ඒකාධිකාරය බිඳින්න රජය මැදිහත් වෙනවා : ධීවර නියෝජ්‍ය ඇමති කියයි...

අයිස් නිෂ්පාදනයේ ඒකාධිකාරය බිඳින්න රජය මැදිහත් වෙනවා : ධීවර නියෝජ්‍ය ඇමති කියයි !

23
0

මෙරට ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය අයිස් නිෂ්පාදනයේ ඒකාධිකාරයක් ගොඩනැඟී ඇති බවත් එය රාජ්‍ය මැදිහත්වීමෙන් අවසන් කිරීමට කටයුතු කරන බවත් ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පවසයි.

මේ වන විට ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය අයිස් මිලෙහි වැඩිවීමක් පෙන්නුම් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෙරට පාලනය කළ ආණ්ඩු වල අඩුපාඩු හේතුවෙන් අයිස් නිෂ්පාදනය ආශ්‍රිත ඒකාධිකාරයක් ගොඩනැඟීම සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වුවත් අයිස් නිෂ්පාදකයන් සමඟ ඇතිකර ගෙන තිබෙන ගිවිසුම් අවසන් වීමත් සමඟ රජයේ මැදිහත්වීම මත අයිස් නිෂ්පාදනය සඳහා ධීවර සංස්ථාව වැඩපිළිවෙළක් සැළසුම් කර ඇති බවද නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පැවසීය

Previous articleජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට
Next articleධීවර වර්ජනය අවසන් – ලක්ෂ 02 ක් වැඩිකිරීමට මහ ඇමති පොරොන්දු වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here