මුහුණ දීමට සිදුවන ඕනෑම වෙළඳ යුද්ධයක, කටුක අවසානය දක්වා වුවද තම රට සටන් කිරීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ(04) සිට ඇමරිකාව විසින් චීනය සදහා පැනවූ තීරුබදු පිළිබදව අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය, කැනඩාව සහ මෙක්සිකෝවේ සිට සිය රටට ආනයනය කරනු ලබන භාණ්ඩ මත අතිරේක 25% බදු පැනවීමට ගනු ලැබූ තීරණය ඊයේ සිට බලාත්මක කරනු ලැබූ අතර
මෙම තීරණය කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බොම් ද දැඩි ලෙස විවේචනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ එය ඉතා අඥාන ක්‍රියාවක් බවයි. සිය ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නොනවතින සටනක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.