Home අද ජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

ජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

32
0

ජෙරම් ප්‍රනාන්දුට පවරා ඇති විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝගකර තිබෙන බව වාර්තා වේ.

ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල විසින් ඔහුට විදේශ ආගමික වැඩසටහන්වලට සහභාගී වීමට වීසා අයදුම් කිරීමට විදේශ ගමන් තහනම ගැටලුවක් බව කියමින් එය ඉවත් කරන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බලා එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කර තිබේ.

ජාතින් අතර ආගමික වෛරය පතුරවමින් දේශන සිදු කළ බවට අත්අඩංගුවට ගත් දේවගැතිවරයාට මෙසේ විදේශ ගමන් තහනමක් පනවනු ලැබීය.

ඒ අනුව විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණු අතර නීතිපති උපදෙස් සඳහා නඩුව කල් තැබීමට ද නියෝග කර තිබේ

Previous articleසා/පෙළ ප්‍රවේශපත්‍ර තැපෑලට
Next articleඅයිස් නිෂ්පාදනයේ ඒකාධිකාරය බිඳින්න රජය මැදිහත් වෙනවා : ධීවර නියෝජ්‍ය ඇමති කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here