Home අද අක්කර 5,200 ක් දවාලමින් ජපානයේ ලැව්ගිනි උග්‍ර අතට !

අක්කර 5,200 ක් දවාලමින් ජපානයේ ලැව්ගිනි උග්‍ර අතට !

20
0

දශක තුනකට පසු හටගෙන ඇති දැවැන්තම ලැව්ගින්නට ජපානය මේ වනවිට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.මේ වනවිට උතුරුදිග ජපානයේ ඔෆුනාටෝ නගරයේ අක්කර 5,200ට අධික භූමි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇති බව එරට ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කරයි.

ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා දෙදහසකට අධික ගිනි නිවන භටයින් සංඛ්‍යාවක් යොදවා ඇති බව එරට බලධාරීන් සඳහන් කරයි. ගොඩනැගිලි 80ට අධික සංඛ්‍යාවකට ගින්නෙන් හානි සිදුව ඇති අතර ගිනි නිවන භටයින්ට අමතරව හෙලිකොප්ටර් යානා 16ක් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

මේ වන විට ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

ඔෆුනාටෝ නගරයට ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී වියළි කාලගුණයක් පවතින අතර පෙබරවාරි මාසයේදී සාමාන්‍යයෙන් මිලිමීටර් 41ක පමණ වර්ෂාපතනයක් ලැබෙන නමුත් පසුගිය පෙබරවාරියේදී ලැබී ඇත්තේ මිලිමීටර් 2.5ක වර්ෂාපතනයක් පමණක් බව එරට මාධ්‍ය සඳහන් කරයි. වසර 20කට පමණ පසු පෙබරවාරි මාසයෙකදී එම නගරයට ලැබුණු අඩුම වර්ෂාපතනය ද එය වන බව වාර්තා වේ.

Previous articleවිදුලි ගාස්තු වැඩිකරන ලෙස IMF කියයි!
Next articleවෙළෙඳ යුද්ධයක සටන් සඳහා සූදානම් – චීනය හා කැනේඩියාවෙන් ඇමෙරිකාවට ප්‍රතිචාර !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here