Home අද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල්ගේ මාරුව නවතියි !

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල්ගේ මාරුව නවතියි !

47
0

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජෙනරාල්  ලෙස කටයුතු කරන ඉමාල් ප්‍රදීප් ගුණවර්ධන මාරු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කල ඉල්ලීම ප්‍රතික්ෂේපවී තිබේ.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සිදුකළ ඉල්ලීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කල පසු කොමිසම විසින් එය ප්‍රතික්ෂේප කර තිබීම නිසාය.

මාධ්‍ය වාර්තා වල දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඉමාල් ප්‍රදීප් ආගමන විගමන දෙපාර්තමෙන්තුව ඩිජිටල්කරණය කිරීම සඳහා නායකත්වය සැපයු හා එහි සිදුවන වංචා හා දුෂණ පිටුදැකීමට සටන් කල දැනට එම දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වේ.

නමුත් වර්තමාන ආණ්ඩුව විසින් වැඩබලන ආගමන විගමන පාලකවරිය ලෙස ඉහත නිලධාරියාටත් වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහල නිලධාරිනියක් පත්කල අතර, ඇය පත්වූ දා සිට ආයතනයේ පරිපාලන බිදවැටි ඇති බවට චෝදනා එල්ලවේ.

එසේම අවශ්‍ය තරම් පාස්පෝට් තොග ලැබී තිබියදී පවා පාස්පෝට් නිකුත් කිරීම සිමා කිරිමට ගොස්, ඒ තුලින් නිමනොවන පාස්පෝට් අර්බුදයක් ඇති කළ බවට ද ඇයට චෝදනා එල්ලවී තිබේ.

දැනට ඇයගේ උපදෙස් මත පැය 24 සේවාවක් ආරම්භ කොට ඇති අතර, එම සේවාවද මනා සැලසුමකින් හා කලමණාකරයකින් ලබාදීමට අසමත් වී ඇති හෙයින් ජනතාව මහත් අපහසුතාවයකට පත්ව ඇති බවද එකී මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි

Previous articleඅල්ලපු වත්තේ රිලව් ගණින්න එපා.! එතකොට ඩබල් කවුන්ට් වෙනවා
Next articleඉෂාරා සෙව්වන්දි ගැන නිසි තොරතුරක් දුන්නොත් ලක්ෂ 12ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here