Home අද සමන් රත්නායකගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

සමන් රත්නායකගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

44
0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු වන වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (04) නිෂ්ප්‍රභ කර තිබේ.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේශ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමයි.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

Previous articleවැලිගම පොලිසියේ වැ.බ. HQI අධිකරණයට භාරවෙයි – දේශබන්දු අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ සහාය
Next articleනියෝග පැහැරහැරි නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් යළි නියෝග !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here