වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ.
වාර්තා වන ආකාරයට අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත.
ඒ 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීම ඇතුළුව එහිදී ඇතිවූ සිදුවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු මියයෑම සම්බන්ධව පැවැත්වෙන නඩුවට අදාළවය.
එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු 8ක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති අතර ඊට අදාළව අද අධිකරණයට භාරවූ පොලිස් නිලධාරියාද අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණ .
ඒ අතර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ යොදවා පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමිනි. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීමට තවමත් පොලිසිය විසින් සොයන මොහොතක ඒ පිළිබව කැබිනට් මණ්ඩලයේ තීරණය කුමක්ද යන්නයි.
එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා පවසා සිටියේ ” මෙම සිදුවීමට අදාළ සියළුදෙනා අත්අඩංගුවට ගත යුතු බවයි.”
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 28 වැනිදා නියෝග කරනු ලැබීය. ඒ මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට මීට වසරකට පමණ පෙර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී ඉදිරිපත් වු සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැළකිල්ලට ගනිමිනි.