Home අද නියෝජ්‍ය ඇමති අරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍යයි – ගයන්ත කරුණාතිලක

නියෝජ්‍ය ඇමති අරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍යයි – ගයන්ත කරුණාතිලක

44
0

දේශපාලන සබඳතා මත ඉන්ධන පිරවුම්හල් ලබාගෙන ඇති බවට නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍ය එකක් බවත් ඉන්ධන පිරවුම්හලක් පවුලේ ඥාතීන් ලබාගෙන ඇත්තේ තමන් ඉපදීමටත් පෙර බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක සහ හර්ෂන රාජකරුණා යන මහත්වරු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ.

එමෙන්ම කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා කියා සිටියේ තමා සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ ප්‍රකාශය අසත්‍ය එකක් බවත් තමාට ද ඉන්ධන පිරවුම් හලක් නැති බවත්ය.

මෙවැනි අසත්‍ය ප්‍රකාශ මගින් තම කීර්ති නාමයට හානි සිදුවී ඇති බැවින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බොරු ප්‍රකාශය වහාම නිවැරදි කරන ලෙස ඉහත මන්ත්‍රීවරු තිදෙනා කතානායක වරයාගෙන් සහ සභානායක වරයාගෙන් ඉල්ලා සිටියහ.


” මා පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවේ අරුන් හේමචන්ද්‍ර නියෝජ්‍ය අමාත්‍යවරයා දේශපාලන සබඳතා මත අපි ෂෙඩ් ගත්ත බව ප්‍රකාශ කර තිබෙනවා. එය මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. කිසිදු දේශපාලන සබඳතාවකින් ලබා ගත් ඉන්ධන පිරවුම්හලක් අපි සතුව නැහැ. මගේ පවුලේ පිරවුම් හලක් ගැන කියා තිබෙනවා. 1955 වසරේ මම ඉපදෙන්නටත් පෙර අවුරුදු හැත්තෑවකට ඉහතදී මගේ පියාගෙත් පියා විසින් මෙම පිරවුම්හල ආරම්භ කළා. එතැන් පටන් අවුරුදු හැත්තෑවක් අපේ පවුලේ උදවිය මේක පවත්වාගෙන යනවා. ඒ සියලු කටයුතු කරගෙන යන්නේ නීත්‍යානුකූලවයි. මොන හේතුවකට මගේ නම මේකට පැටලෙව්වද කියා මම දන්නේ නැහැ. අපේ ප්‍රදේශයේ ඕනෑම කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවොත් සත්‍යය කියාවි. මෙම ප්‍රවෘත්තිය පළ වුණාට පසුව වැඩියෙන්ම මට කතා කළේ මාලිමාවට ඡන්දය ලබා දුන්න අයයි. සත්‍යය දන්නා ඒ අය මේ ගැන කණගාටු වෙනවා. දේශපාලන සබඳතා මත මේ ඉන්ධන පිරවුම්හල ලබා ගත් බවට සිදු කළ ප්‍රකාශය නිවැරදි කරන ලෙස කතානායකතුමා ගෙන් සහ සභානායකතුමා ගෙන් ඉල්ලා සිටිනවා. අගමැතිතුමිය මේ මොහොතේ සභාවේ සිටියා නම් මේ ගැන ඇය හොඳින් දන්නවා. එතුමියගේ පියා මේ ගැන දන්නවා. ඊටත් වඩා හොඳින් එතුමියගේ බාප්පා මේ ගැන දන්නවා. මේක මට කළ අපහාසයක් ” යැයි ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

“නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දේශපාලන සබඳතා මත ෂඩ් එකක් ලබා ගත් බවට මගේ නමත් සඳහන් කර තිබෙනවා එය අසත්‍යයක් මට ෂෙඩ් එකක් නැහැ. මම උපදින්න කලින් මගේ සියියට එකක් තිබිලා තියෙනවා. එය දැන් නැහැ මගේ තාත්තා කසාද බඳින්නත් කලින් තමයි ඒක තිබිලා තියෙන්නේ. අපි උපදින්න හිතලත් නැහැ. එවැනි තත්ත්වයක් මත දේශපාලන සබඳතා ඇතිව ෂෙඩ් ගත්ත බවට අපේ නම ගාවලා වෛරය පතුරුවන්න ක්‍රියාකර තිබෙනවා. වෛරය පැතිරවීම දැන්වත් නතර කරන්න…” යැයි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


 

Previous articleවැඩබලන පොලිස්පතිගේ ප්‍රකාශයට පොලිස් කොමිසමෙන් විශේෂ නිවේදනයක් !
Next articleආර්ථිකයට බරක් වූ රාජ්‍ය ආයතන එළියට දෙන හැටි : IMF කියාදෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here