මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අද ( 04) පොලිසියට භාර වූ වැලිගම පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැර ඇත.
පොලිසියට හර වූ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා අද දහවල් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට විදේශ ගමන් තහනමක්ද පැනවීමට අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලද වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට හෙට දිනයේ කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ වැලිගම වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය සතියේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙන්ම රහස් පොලිසිය රට පුරා පරීක්ෂණ ආරම්භ කර ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.