Home අද ඉන්දීය යුද නැවක් කොළඹ වරායට

ඉන්දීය යුද නැවක් කොළඹ වරායට

26
0

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

එම නෞකාව ඊයේ උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව පවසයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයට අයත් ‘INS KUTHAR’ නෞකාව, දිගින් මීටර් 91.16කි.

නෞකාවේ කාර්යමණ්ඩලය 129ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් Nitin Sharma කටයුතු කරනු ලබයි.

මෙම නිල සංචාරයේදී ‘INS KUTHAR’නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණි.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් හා පුහුණු හුවමාරු වෙනුවෙන් සංවිධානය කෙරෙණ වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතව ඇත.

‘INS KUTHAR’නෞකාව නිල සංචාරය නිමා කරමින් 2025 මාර්තු මස 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Previous articleතෙල් බෙදුම්කරුවන් පියවරක් පස්සට ගනියි : සිපෙට්කෝ සභාපති සමඟ අද සාකච්ඡාවක් !
Next articleමිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට වීරකැටිය පොලීසියේ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here