සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ සීසීටිවී දර්ශන පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් මෙම දර්ශන පොලිසියට භාර දී ඇති බව වාර්තා වෙයි.
ගනේමුල්ල සංජීව අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පසුගිය 19 වැනිදා උදෑසන ඝාතනයට ලක් වූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පරිදි අදාළ සීසීටිවී දර්ශන විමර්ශන කණ්ඩායම් වෙත ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.