එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස නැවත පාර්ලිමේන්තුවට ඒමට තමාගේ කිසිදු අදහසක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමන් දරන එම ස්ථාවරය තම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙතද දැනුම් දී තිබෙන බව පසුගිය දා පැවැති වෘත්තියවේදීන්ගේ හමුවකදී මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා මේ බව අනාවරණය කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයකුු ලෙස නැවත පාර්ලිමේන්තුවට එන බවට පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධව එම හමුවේදී තවදුරටත් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා ගේ පැනයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල් බෝඩ් කාරයන් සමග කාලය ගතකරන්නේ නැතිි බවයි.”
මේ රට ඉදිරියට ගෙනයාමට නොහැකිව රට බංකොලොත් වූ අවස්ථාවේදී අනෙක් හෑම නායකයෙක්ම පලා යද්දී තමා ඒ අභියෝගය භාරගෙන එය ඉටු කිරීම පිළිබඳව තමන්ට ඇත්තේ සත්තුටක් බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී තවදුරටත් පැවසීය.
තමන් එම වගකීම ඉටුකිරීමෙන් පසුව ජනතාව විසින් රටේ වගකීම අලුත් ඛණ්ඩායමකට පවරා දී තිබෙන බැවින් එම කණ්ඩායම වගකීම නිසි ලෙස ඉටු කළ යුතුව ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.