Home අද මාස 9ට ලක්ෂ 334ක තෙල් අරගෙන – බිමල්ගේ කතාවට හිටපු කතානායක ගේම...

මාස 9ට ලක්ෂ 334ක තෙල් අරගෙන – බිමල්ගේ කතාවට හිටපු කතානායක ගේම ඉල්ලයි !

2
0

තමන් වෙනුවෙන් වෙන්කර තිබූ මෝටර් රථ 3ක්, සඳහා මාස 9ක කාලයක් තුළ ලක්ෂ 334 ක ඉන්ධන වියදම් වී තිබෙන බවට සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසූ බවත් එය සංඛ්‍යාත්මකවද සිදුවිය නොහැක්කක් බැවින් ඒ සම්බන්ධව විශේෂ විගණනයක් සිදුකරන ලෙස හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉල්ලා සිටියි.

වාහන භාවිතා කිරීමට අදාළ ධාවන සටහන් පාර්ලිමේන්තුව සතුව ඇති බවද ඒ මහතා සිහිපත් කරයි.

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව සඳහන් කර ඇත්තේ අද (01) විශේෂ නිවේදනයක් නිකුත්කරමිනි.

“2025 පෙබරවාරි 27 වන දින පාර්ලිමේන්තුවේ ගරු සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ලද සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම පිණිසයි ” යන ශීර්ෂයෙන් යුතුව එම නිවේදනය නිකුත්කර ඇත.

එහිදී තමන්ට නිකුත්කර තිබූ නිල වාහනය සහ පරිවාර ආරක්ෂක රථ 2 ට අමතරව විශේෂ කාර්‍ය බලකාය සතු ජීප් රථයක් ද තිබූ බව එහිදී සිහිපත් කර තිබේ.

එසේම තමන් 1983 දී පාර්ලිමේන්තු පැමිණ 2020 අගෝස්තු මාසයේ කතානායක ධූරය ලබනතෙක් කිසිඳු රජයේ නිල නිවසක් ලබාගෙන නොමැති බවද හිටපු කතානායකවරයා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

කතානායක ලෙස රජයේ මුදලින් නිල නිවසේ සිටියදී ආහාර සඳහා රජයේ ගෙවීමක් ලබා නොමැති අතර විශේෂ අමුත්තන් , විදේශ තානාපතිවරුන් හෝ විදේශ රාජතාන්ත්‍රිකයන් පැමිණී විට එය කතානායකවරයාට වැය බරක් ලෙස සලකා රජයේ වියදමින් සිදුකර ඇති නමුත් එකී වියදම් තමන්ගේ පෞරාණික ආහාර වියදම් ලෙස හුවාදැක්වීම සම්බන්ධව කලකිරීමද මෙම නිවේදනය හරහා දැනුම්දී තිබේ.

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි

No description available.

No description available.

No description available.

Previous articleඅනුරාණ්ඩුවේ අයවැය හංගලා ගැහිල්ලක් : ධන කුවේරයන්ට මහා සහනයක් දීලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here