Home අද තෙල් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවනවා – ඛනිජ තෙල් සංස්ථාව කියයි!

තෙල් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවනවා – ඛනිජ තෙල් සංස්ථාව කියයි!

4
0

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.

අද (1) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා පවසා සිටියේ, අද (1) උදෑසන 7 වනවිට මුදල් ගෙවා ඇණවුම් ලැබූ 2924ක් මේ වනවිට බෙදාහරිමින් තිබෙන බවයි.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ ඩී. ජේ. රාජකරුණා මහතා,

“අද වෙනකොට මුදල් ගෙවා CPC එකෙන් ඇණවුම්කරලා තියෙනවා ලෝඩ් 1696ක්. ඒ වගේම IOC එකෙන් 471ක්, Sinopec එකෙන් 391ක්, RM Park එකෙන් 366ක්. ඒ කියන්නේ 2924ක් අද දවසේ මුදල් ගෙවලා සාමාන්‍ය පරිදිම බෙදාහරිමින් පවතිනවා.

කොළොන්නාවට ඇවිල්ලා තිබුණා බවුසර් 140ක් පමණ. ඉන් 60කට අධික ප්‍රමාණයක් පිටවෙලා තියෙනවා. සාමාන්‍ය විදිහටම රටේ බේදාහැරීම් කටයුතු සිද්ධ වෙනවා.

කණ්ඩායමක් විතරයි මේ සිද්ධියට සම්බන්ධ. එයාලා කිව්වේ ඊයේ (28) රාත්‍රියේ සිට තෙල් ඇණවුම් කරන්නේ නෑ කියලා. නමුත් අද උදේ 7 වෙනකොට ඒ අය ඇණවුම් කළ ප්‍රමාණය.

මේකත් එක්ක ගත්තාම රටේ ගැටළුවක් ඇතිවෙන්න කිසිම හේතුවක් නෑ. රටේ ජනතාව කලබලවෙන්න කිසිම හේතුවක් නෑ” යැයි පැවසීය.

මේ අතර අද පෙරවරුවේ කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් පර්යන්තවලින් බවුසර් රථ පිටත්ව ගිය අයුරු දැකගත හැකිවිය.

සඳුදා සිට පිරවුම් හල් වල තෙල් නෑ : බෙදුම්කරුවන් රටටම කියයි !

Previous articleසඳුදා සිට පිරවුම් හල් වල තෙල් නෑ : බෙදුම්කරුවන් රටටම කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here